අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ගල්ඔය ජනපද ව්‍යාපාරයත් සමග සිදුවු සංවර්ධන ක්‍රියාවලියයේ ප්‍රතිපලයක් ලෙස වැඩි දියුණු වු අධ්‍යාපතික සේවාවේ එක් මධ්‍යස්ථානයක් වශයෙන් අම්/හෑගොඩ ශ්‍රි ඉන්දසාර විද්‍යාලය 1977.01.31වන දින දිගාමඩුලු පුරවරයට දායාද වුවකි. අනාගත ලෝකයට අවැසි හැදියාවෙන් හැකියාවෙන් පිරිපුන් දරු පිරිසක් තනමින් නිහඬ ගමනක යෙදෙන මෙම විදුහල ප්‍රාථමික හා ද්විතියික අංශ දෙක යටතේ අධ්‍යාපන ක්‍රියාවලියට දායකත්වය සපයනු ලබයි. අවම පහසුකම් යටතේ ඉතා වැයමෙන් තම අධ්‍යාපනය හදාරන දු දරු පිරිසකට නව මානයන් සොයා යාමට රුකුල් දීමට ඇප කැපවු පිරිසක් පාසල වටා රොක්ව සිටිම අපේ සාර්ථකයත්වයේ රහසයි.



