භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික දිගාමඩුල්ල පුරවරයේ අම්පාර හිඟුරාණ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මිහිඳුපුර ගමේ සුන්දර භූමියක අප විද්‍යාලය පිහිටා ඇත. අප පාසලට අයත් භූමි ප්‍රමාණය අක්කර 10 ක් පමණ වේ.

ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය යටත් මෙම ප්‍රෙද්ශයේ ක්‍රියාත්මක වූ කාල වකවානුවේ මෙම පාසල පිහිටි භූමිය ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ කම්කරුවන්ගේ සමාජ ශාලාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. ඉන් පසුව එම ආයතනයේ බර වාහන නැවැත්වීම සඳහා මෙම ස්ථානය භාවිත කර ඇත.

1977 ජනවාරි මස 31 වැනි දින අම්/ මිහිඳුපුර කණිෂ්ඨ විද්‍යාලය නමින් එවකට විදුලිබල අමාත්‍යව සිටි ගරු පී. දයාරත්න ඇමැති තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ස්ථානයේ පාසලක් ආරම්භ වූ අතර, ආරම්භක විදුහල්පතිතුමා ලෙස කටයුතු කරනු ලැබූවේ ඒ.ඩී. ගුරුගේ මහතාය. උප ගුරුවරුන් සංඛ්‍යාව 03 ක් විය. පාසලට මුලින්ම ඇතුලත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව 01 ක් විය. ඔහු ආර්.එච්. චන්දන ප්‍රියංකර විය.

බර වාහන නැවැත්වීමට යොදා ගැනීම නිසා මඩ වගුරක්ව පැවැති මෙම භූමිය විදුහල්පතිතුමාගේත් ආචාර්යය මණ්ඩලයේ හා ප්‍රෙද්ශවාසීන්ගේ බලවත් උත්සාහය නිසා පාසලට උචිත භූමියක් ලෙස සංවර්ධනය කිරීමට හැකි විය.

එක් ගොඩනැගිල්ලකින් හා එක් සිසුවෙකුගෙන් ආරම්භ වූ අම්/මිහිඳුපුර කණිෂ්ඨ විද්‍යාලයට ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ අවශ්‍ය භෞතික හා මානව සම්පත්ද වර්ධනය විය.

1977 වර්ෂයේ ජුනි මස 01 වන දින අප පාසලට විශේෂ දිනයක් විය. එයට හේතුව නම් එතෙක් අම්/ මිහිඳුපුර කණිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කරන ලද අප පාසල මෙම ප්‍රදේශයේ ජීවත්වූ කිර්තිමත් හිමිනමක් වූ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නා හිමියන් අනුස්මරණය කිරීම සඳහා අම්/ හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය ලෙස නම් කිරීමයි. ඒ සමඟම විද්‍යාලයට නව දෙමහල් ගොඩ නැගිල්ලක් හා වෙනත් භෞතික සම්පත් ද හිමි විය.

එදා මෙදාතුර අවම පහසුකම් යටතේ අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විදුහලේ දරු දැරියන් අධ්‍යාපනය හා විෂය සමගාමී/ විෂය බාහිර කටයුතු වලදී තම උපරිම දස්කම් පෙන්වා ඇත.

1979 වර්ෂයේදී පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් 18 දෙනෙකු පෙනී සිට දෙදෙනෙකු සමත්විය.

ඒ වනවිට පාසලේ සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 75 ක් විය.

2010 වර්ෂයේදී ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලෙස ලකුණු 186 ක් ලබාගත් අශේන් විදානමුල්ල ශිෂ්‍යයා පාසලට කීර්තියක් ලබයි. 

 

                                                                                                                                                                                                         

  2011 වර්ෂයේ දී මෙම පාසල ළමා මිතුරු පාසල් ව්‍යාපෘතියට තෝරාගෙන ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරන ලදි. ඒ අනුව පාසලේ භෟතික සම්පත් වැඩි දියුණු කරන ලදි. පසලේ ශ්‍රේණි සංඛ්‍යාවද ක්‍රමයෙන් 01 සිට 11 ශ්‍රේණිය දක්වා වැඩි වු අතර, ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරැ මණ්ඩලයේද වර්ධනයක් සිදු විය.

සිසුන් විෂය සමගාමී හා ශිෂ්‍ය භාහිර කටයුතු වලදී ද ඉහළ දක්ෂතා පෙන්වා ඇත.
කලාප මට්ටමින් දිස්ත්‍රීක් හා ජාතික මට්ටමේ තරඟ නියෝජනය කරමින් ජයග්‍රහන විදුහලට ලබා දී ඇත.
2013 වර්ෂයේ දී පි.ඒ.ශානිකා මධුශංකනී ශිෂ්‍යාව පලාත් මට්ටම නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ තරඟයෙන් දෙවන ස්ථානය හිමි කර ගන්නා ලදී.
2014-2015 වර්ෂයේ ඒ.එල්.අක්ෂිත ඉරාෂ ශිෂ්‍යා පලාත් මට්ටම නියෝජනය කරමින් උස පැනීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී
2012 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා විද්‍යාලීය ශිෂ්‍යාවන් 19න් පහල එල්ලෙ සහ ක්‍රිකට් පලාත් ශූරතාවය හිමි කර ගනිමින් පලාත් තරඟ නියෝජනය කරන ලදී.
විද්‍යාලයේ සෞන්දර්ය අංශයද ප්‍රදේශයේ අනෙකුත් පාසල් අතර ඉදිරියෙන්ම සිටි.පාසලේ සිසු සිසුවියන්ගේ හා ගුරු මණ්ඩලයේ දක්ෂතා එළි දක්වමින් ප්‍රථම වරට ඉඳුසර ගී සර නමින් ප්‍රසංගයක් 2013 වර්ෂයේ දී පවත්වන ලදී
.තව දුරටත් එම ප්‍රසංගය සංවර්ධනය කරමින් 2015 වර්ෂයේ දී සිසු සිසුවියන්ගේ ගුරු මහත්ම මහත්මීන්ගේ ස්ව නිර්මාණ ඇතුලත් ගීත එකතුවක් හා නර්ථන ප්‍රසංගයක් එළි දක්වන ලදී.
2017 වර්ෂයේ සංගීත අංශයෙන් සමස්ත ලංකා මට්ටමට සිසුන් රැගෙන යාමට අප පාසල සමත්ව ඇත.
එමෙන්ම නර්ථන අංශයේ 2018,2019 වර්ෂ දෙකම සමස්ත ලංකා මට්ටම ඉදිරිපත් කිරීමට පාසල සමත්ව ඇත.
පාසලේ සියළුම සිසු දැරියන්ගේ දක්ෂතාවයන් හා නිර්මාණ එළි දැක්වෙන නැණ මිණි නම් ප්‍රදර්ශනයක් 2019 වර්ෂයේ ඉතා සාර්ථක අයුරින් සංවිධානය කර නිම කර ගත හැකි විය.
ප්‍රදේශයේ අනෙක් පාසල්වලට නොදෙවෙනි ලෙස සියලු පහසුකම් වලින් අංග සම්පූර්ණ විද්‍යාගාරයක් 2019 වර්ෂයේ පාසලට ලැබීම පාසලේ ඉගෙනුම ලබන සිසු දැරියන්ගේ මහඟු වාසතාවකි.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2021 පාසල් පද්ධතියේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කිරීමේ ජාතික පූතිපත්තියෙහි වැදගත් අංගයක් ලෙස තෝරාගත් පාසල්වල 6-11 ශ්‍රේණිවල සිසුන් සඳහා ටැබ්ලට් පරිගණක ලබා දීමේ වැඩසටහන යටතේ අප පාසලටද ටැබ්ලට් පරිගණක ලබා දී ඇත.
2022 සමස්ත ලංකා සංගීත තරඟාවලියෙන් ආර්.එච්.ජේ.ලයාන් අභිෂේක් සිසුවා ජේෂ්ඨ-1 නාඩගම් පිරිමි අංශයෙන් සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා ඇත.
2022 වර්ෂයේ නැගෙනහිර පළාත් තරඟාවලියෙන් එච්.ජේ.ජෙත්මි ලක්ෂානි සිසුවිය ජේෂ්ඨ-1 නූර්ති ගැහැණු අංශයෙන් දෙවන ස්ථානය ලබා ඇත.
සිංහල භාෂා තරගාවලියේ පද්‍ය ගායනා අංශයෙන් තුන්වන ස්ථානය ආර්.එච්.ජේ.ලයාන් අභිෂේක් සිසුවා ලබා ඇත.

Sri Hegoda Indrasara V.

අම්/හෑගොඩ ශ්‍රී ඉන්දසාර විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Am/Hegoda Sri Indasara Vidyalaya,Mihidhupura,Ampara

: (+94)717758000

: (+94)717758000

: [email protected]

Supported By

© 2026 Sri Hegoda Indrasara V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk