හිරු තෙද බල රැඳි නැගෙනහිරේ
ඉසුරු පිරෙන කෙත් සිරි අතුරේ
දිගාමඩුලුපුර කිතුගොස කැන්දන
සිරිලක පොබකළ හෙළ දෝණි
හෑගොඩ ශ්‍රී ඉන්දසාර අප විදුහල් මෑණි ...
ගුණ නුවණින් නිසි සිත් පෑදී
සිප්සත දී නව ලොව සෑදී
විරුවන් බිහිකළ සුරුවන් පුදකළ
ඔබමය දිවිමග ලද ප්‍රාණී
හෑගොඩ ශ්‍රී ඉන්දසාර අප විදුහල් මෑණි ...
හෙළ නිරුළේ ඔබෙ නම රන්දා
ලොව දස දෙස ජය දද බන්දා
විදුලොව දිදුලන කෙලිලොව ඔරදන
ඔබමය දිවිමග ලද ප්‍රාණි
හෑගොඩ ශ්‍රී ඉන්දසාර අප විදුහල් මෑණි ...